2026 ඔක්තෝබර් 27
ඉවොන් ස්කොෆීල්ඩ් විසිනි.
“මං ලිපි සහ අභියාචනා ගණනාවක්, ශ්‍රී ලංකා බලධාරීන්ට සහ ජිනීවා බලධාරීන්ට භාර දුන්නා. පිළිතුරු සොයාගෙන ජිනීවා දක්වාත් ගියා. එහෙත් කිසිදු විසඳුමක් මෙතෙක් ලැබී නැහැ.” –
සිත්ති ජමීනා, 2009 දී, ශ්‍රී ලංකාවේදී බලහත්කාරයෙන් අතුරුදහන් කරවනු ලැබූ මුහම්මද් හකීම්ගේ මව.
සිත්තිගේ කතාව, ශ්‍රී ලංකාව පුරා පැතිරී ඇති ගැඹුරු අහිමිවීම්, අතුරුදහන් කරවීම් සහ සත්‍යය සොයා යන දිගු ගමන් නියෝජනය කරන දහස් ගණනක ගේ කතා අතුරින් එකක් පමණි. 1980 දශකයේ සිට මෙතෙක්, ශ්‍රී ලංකාවේ 60,000 ත් 100,000 ත් අතර පිරිසක් බලහත්කාරයෙන් අතුරුදහන් කර ඇතැයි ඇස්තමේන්තු ගතකර ඇත. බලහත්කාරයෙන් හෝ කැමැත්තෙන් තොරව සිදුකරන අතුරුදහන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමට අනුව, විසඳා නොමැති සිද්ධි සංඛ්‍යාව අතින් ඉරාකයට පසුව ලොව දෙවැනි ස්ථානයේ සිටින්නේ ශ්‍රී ලංකාවයි. තම ආදරණීයයන්ට සිදුවූයේ කුමක්දැයි තහවුරු කරන ලෙසත්, ඒ සඳහා වගකිව යුත්තන් හඳුනාගන්නා ලෙසත් අදාළ පවුල් විසින් බලධාරීන්ගෙන් විවිධාකාර ඉල්ලීම් කර තිබුණද, ඔවුන්ට තවමත් සාධාරණයක්, වගවීමක් සහ යුක්තියක් ඉටුවී නැත.
මෙවර ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූවන් අනුස්මරණය කරන ජාතික දිනයේදී, SLC සංවිධානය, අතුරුදහන් වූවන් සහ ඔවුන් සොයන්නන් වෙනුවෙන් මෙසේ ප්‍රශ්න කරමු:
අතුරුදහන් වූවන්ගේ පවුල්වලට යහපත් වෙනසක් ගෙන දිය හැකි කරුණු මොනවාද?
කැපවීම, ජාත්‍යන්තර සහයෝගය, නිසි විමර්ශන, සත්‍යය දැන ගැනීම, පවුල්වල හඬට ගරු කිරීම, පිළියම් සහ වගවීම යන සියල්ල තිබුණා නම් ඔවුන්ගේ ලෝකය කෙබඳු වන්නේදැයි වටහා ගැනීමට අපි උත්සාහ කළෙමු.
මෙම අවශ්‍යතා ඉටු කිරීමේ කේන්ද්‍රීය සාධකය වන්නේ ඒවාට ප්‍රමුඛත්වය දීමට ශ්‍රී ලංකා බලධාරීන් සතු දේශපාලනමය වුවමනාව සහ කැපවීමයි. ශ්‍රී ලංකාවට අතීතයේ සිදු වූ කටුක සිදුවීම්, නැවත මෙනෙහි කිරීමට, සිදුව ඇති මෙවැනි තීරණාත්මක මොහොතක එය වඩාත් වැදගත් වේ. චෙම්මණි වැනි සමූහ සොහොන් සොයාගැනීමත් සමග සත්‍යය තහවුරු කිරීමට ශ්‍රී ලංකා රජයට නැවතත් අවස්ථාවක් උදා වී ඇත. වත්මන් රජය පොරොන්දු වූ පරිදි මෘත දේහ කැණීම් සහ විමර්ශන නිසි ලෙස පවත්වන්නේ නම්, එය වගවීම කරා යන දිගු ගමනක වැදගත් පියවරක් විය හැකිය. තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාද කිරීම, පිළිතුරු සඳහා මෙතරම් කාලයක් බලා සිටින පවුල්වලට කරන බලවත් අසාධාරණයකි.
ඔක්තෝබර් 27: එය වැදගත් වන්නේ ඇයි?
බෞද්ධ භික්ෂුවක්, කතෝලික පූජකවරයෙක් සහ ප්‍රදේශවාසී කර්මාන්ත ශාලා සේවකයින් ඇතුළු නිර්භීත පුද්ගලයින් 16 දෙනෙකුගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් විසින්, රද්දොළුගම හන්දියේ රැස්වී, 1991 දී ආරම්භ කරන ලද, ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූවන් සිහිකරන ජාතික දිනය, සෑම වසරකම ඔක්තෝබර් 27 වන දින පැවැත්වේ. පැහැරගෙන ගොස් මරා දමනු ලැබූ රංජිත්, ලයනල් සහ නිදහස් වෙළඳ කලාපයේ තවත් සේවකයින් දහ දෙනෙකුට ගෞරව කිරීම සඳහා සෑම වසරකම රැස්වන බවට ඔවුන් එදා ප්‍රතිඥා දුන්හ. එතැන් සිට, නීතිමය ප්‍රතිසංස්කරණ සහ වගවීම සඳහා අඛන්ඩව සහ කැපවීමෙන් ක්‍රියාකාරීව කටයුතු කරගෙන ආ අතුරුදහන් වූවන්ගේ පවුල් විසින් මෙම සිහිකිරීම මේ දක්වා නොනවත්වා පැවැත්වීමට කටයුතු කර ඇත.
මෙම පවුල්වලට යුක්තිය යනු, මූලික මානව හිමිකම් වලින් ඔබ්බට ගිය, සත්‍යය දැනගැනීමට ඇති අයිතිය, යුක්තිය, නිසි වන්දි ලබාගැනීම සහ මෙවැනි සිදුවීම් නැවත සිදු නොවන බවට සහතික වීම ඇතුළත් ක්රියාදාමයකි. එයින් තවදුරටත් අර්ථවත් වන්නේ, අතුරුදහන් කරවූවන්ගේ පවුල්වල යථාර්ථය, රජය විසින් පිළිගැනීමත්, ස්ථිර විසඳුමක් සඳහා යෝජිත ගමන් මාර්ගයකට අවතීර්ණ වීමත්ය.
ඔක්තෝබර් 27, ඒ ස්ථිර විසඳුම කරා ළඟා වීමට අප තවමත් කළ යුතු දේ පිළිබඳව අපට සිහි කැඳවයි.
2024 දී බලයට පත් වූ දා සිට, ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුව, යහපාලනය සහ අදාල ප්‍රතිසංස්කරණ පිළිබඳ විවිධ ප්‍රකාශ කරමින්, වඩා හොඳ ආණ්ඩුකරණයක් සඳහා වන තමන්ගේ කැපවීම සහතික කර ඇත. නිදසුනක් ලෙස, NPP හි, මැතිවරණ ප්රකාශනයේ, බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් සහ අත්තනෝමතික රඳවා තබා ගැනීම් සඳහා අතීතයේ දී ඉඩ සලසා දුන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඇතුළු “සියලු පීඩාකාරී පනත් අහෝසි කිරීමට” කැපවන බව දක්වා ඇත. නමුත්, අද වන විට රජය, PTA වෙනුවට “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත”, හෙවත් PSTA ගෙන ඒමට උත්සාහ කරයි. මෙම නව නීති කෙටුම් පතෙහි, PTA සමග බැඳුණු බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් දිගටම පවත්වා ගෙන යාමේ අවදානමක් ඇති, මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන් සහ වෙනත් විවේචකයින්ට එරෙහිව එය භාවිත කිරීම ඇතුළු මර්දනකාරී විධිවිධාන එලෙසම රඳවා ගෙන ඇත.
රජය, තමා දුන් පොරොන්දු වලට ප්රතිවිරුද්ධව යමින්, වඩා මර්ධනකාරී විධිවිධාන යෝජනා කරමින් ගන්නා මෙම ක්‍රියාමාර්ග, අතුරුදහන් වූවන්ගේ පවුල් ඇතුළු අනෙකුත් සමාජ ක්‍රියාකාරීන් අතරද, යුක්තිය සහ සාධාරණය ඉටු කිරීම පිළිබඳ රජයේ කැපවීම ගැන බරපතල සැකයන් මතු කරයි.
අපි අතුරුදහන් වූවන්ගේ පවුල් සමග සහයෝගීතාවයෙන් කටයුතු අතර, රජයට තමන්ගේ පොරොන්දු සහ වගකීම් ඉටු කරන ලෙස ඉල්ලා සිටිමු. ඒවා අතර:
කවරේදැයි දැන ගැනීමට පවුල්වලට අයිතියක් ඇත. අදාළ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ම උල්ලංඝනයකි.
මෙම කරුණු හත තනිව හා හුදකලාව ක්‍රියාත්මක විය නොහැක. අතුරුදහන් වූවන්ගේ පවුල්වලට යුක්තිය ලැබිය හැක්කේ මෙම කරුණු 7, ක්‍රියාවලියක් ලෙස එකට සහ අනුබද්ධව ක්‍රියාත්මක වන විට සහ, ඔවුන්ගේ වේදනාවට සැබවින්ම ප්‍රමුඛත්වය දීමේ දේශපාලන උවමනාව සහ කැපවීම, වචන වලට පමණක් සීමා නොවී, සත්‍ය වශයෙන්ම ප්‍රමුඛත්වයේ තැබෙන විටත් පමණි.
ඔක්තෝබර් 27 වන දින, තම පුතා වෙනුවෙන් සහ එම ඉරණමටම මුහුණ දුන් අනෙකුත් පවුල් වෙනුවෙන් සිත්ති ජමීනා ගත් ක්‍රියාමාර්ග සහ යුක්තිය ඉටු කිරීමේ ඉල්ලීම්, තවදුරටත් නොසලකා හැරීමට ඉඩ නොදීම, අතුරුදහන් කර වූවන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් අපට ඇති යුතුකමකි.
“වෙනසක් ගෙන දෙන කරුණු 7” නම් අපගේ ව්‍යාපාරය SLC හි සමාජ මාධ්‍ය වේදිකා හරහා පුළුල් කිරීමට ඔබත් අපට උදව් වන්න
ශ්‍රී ලංකාවේ අතුරුදහන් කරනු ලැබූවන්ගේ පවුල්වලට වැදගත් වන ප්‍රධාන කරුණු හතක්

Recent Posts
இலங்கையில் வலிந்து காணாமல் ஆக்கப்பட்டவர்களின் குடும்பங்களின் வாழ்வில் மாற்றத்தை ஏற்படுத்தக்கூடிய ஏழு விடயங்கள்
November 10, 2026ශ්‍රී ලංකාවේ අතුරුදහන් කරනු ලැබූවන්ගේ පවුල්වලට වැදගත් වන ප්‍රධාන කරුණු හතක්
November 2, 2026Seven Things That Make a Difference for the Families of the Disappeared in Sri Lanka
October 27, 2026Archives
Categories